ඩෙංගු මර්දන සතියේ පස්වැනි දිනට 673කට නඩු පවරයි
July 4, 2025 07:08 pm
ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනය වූ අද (04) දිනයේදී පරීශ්‍ර 13,642ක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.
විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ අද දිනයේදී සිදුකළ පරීක්ෂාවේදී මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 3,886ක් වන බවත් මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ සංඛ්‍යාව 382ක් ද වන බවය.
එමෙන්ම මෙහිදී රතු නිවේදන 396ක් නිකුත් කිරීමට පියවර ගත් බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ තවත් 100කට නඩු පැවරීමටද පියවර ගනු ලැබූ බවය.
එමෙන්ම පසුගිය ජුනි මස 30 වැනි දින සිට මේ දක්වා ජාතික ඩෙංගු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී පරීශ්‍ර 1,11031ක් පරීක්ෂාවට ලක් කර ඇතැයිද ඉන් මදුරු කීටයින් බෝවන සේ තබා ගත් ස්ථාන 26,625ක් හඳුනා ගනු ලැබූ බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
තවද මේ දක්වා මදුරු කීටයින් සහිත ස්ථාන 3,357ක් ද හමුවී ඇතැයිද ඉන් රතු නිවේදන 2,999 නිකුත් කර ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ තවත් 673කට නඩු පැවරීම් ද සිදුකළ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය.
"අපි මේ දවස් 5ට පාසල් 298ක් බැලුවා ඉන් 185කම මදුරුවන් බෝ වන ස්ථාන හමුවෙලා තියෙනවා. ඒ වගේම මදුරු කීටයින් හමුවෙලා තියෙනවා පාසල් 35ක. ඊට අමතරව රජයේ ආයතන ගත්තොත් රජයේ ආයතන 732ක් පරීක්ෂා කළා ඉන් 231ක මදුරුවන් බෝවන සේ තබාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මදුරු කීටයෝ හමු වෙලා තියෙනවා ආයතන 41ක. ඉතිං අපිට මේ දත්තවලින් පෙනී යනවා තවදුරටත් ඩෙංගු සහ චිකුන්ගන්යා රෝගය පැතිර යාමේ අවදානම තියෙනවා කියලා."