නව කම්කරු පනත ගේන්නේ සියලු පාර්ශ්වයන්හී එකඟතාවෙන් පමණයි - නියෝජ්‍ය ඇමති මහින්ද

නව කම්කරු පනත ගේන්නේ සියලු පාර්ශ්වයන්හී එකඟතාවෙන් පමණයි - නියෝජ්‍ය ඇමති මහින්ද

July 4, 2025   05:46 pm

යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු පැවසුවේ නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂයය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බවය.

කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට සහභාගී වෙමිනි.

එමෙන්ම මෙම සභා රැස්වීමේදි තවත් කරුණු රැසක් සම්බන්ධවද සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදී සේවක අර්ථසාධක අරමුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒමත් හරහා අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම වඩා කාර්යක්ෂම කිරීමත් සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත් ව තිබේ.

ඊට අමතරව වතු කම්කරුවන්‍, කම්කරු නීතිවලට ඇතුළත් කර ගැනීම, ජාතික අවම වැටුප ගෙවීම මෙතෙක් ආරම්භ නොකළ ආයතන සහ අපනයන වෙළෙඳපොල ශ්‍රමිකයින් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.