UAE හමුවේ ශ්‍රී ලංකාවට රග්බි පරාජයක්

UAE හමුවේ ශ්‍රී ලංකාවට රග්බි පරාජයක්

July 4, 2025   06:38 pm

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර අද පැවති, රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගය ලකුණු 29 - 21 ලෙසින් ජයග්‍රහණය කිරීමට එක්සත් අරාබි එමීර් පිල සමත් විය.

අද (04) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී මෙම තරගය පැවැත්විණ. 

2027 රග්බි ලෝක කුසලානය වෙනුවෙන් ආසියානු කලාපයේ සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් තරග වටය සඳහා ශ්‍රී ලංකාව සමඟින් කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාවට සහභාගී වූ තරග තුනෙන්ම පරාජයන් භුක්ති විඳීමට සිදුවිය.