රෝමයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

රෝමයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

July 4, 2025   06:02 pm

රෝමයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබු අතර තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුට බරපතළ බවය.

පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව තිබේ.

ලොරි රථයක් ගෑස් නළයක ගැටීමෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරයි.