වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කෙරේ
July 4, 2025 12:17 pm
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(04) දිනයේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට බිංදුවයි දශම පහයි පහක ප්‍රතිශතයකින් බස් ගාස්තුව අඩු කර ඇති බවය.
නව ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම තෙවන බස් ගාස්තු අවස්ථාව වන රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සඳහන් වේ.
කෙසේවෙතත් සිව්වන බස් ගාස්තු අවස්ථාවේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළාය.
ඒ අනුව රුපියල් 56, 77, 87, 117,136 සහ 141 ඇතුළු ගාස්තු අවස්ථා කිහිපයක් රුපියලකින් අඩුවන බව සදහන් වේ.
ඊට අමතරව අනෙකුත් සෙසු ගාස්තු අවස්ථා රුපියල් 02කින් සහ 03කින් අඩුවනු ඇත.
මේ අතර බස් ගාස්තු සංශෝධනය සියලු බස් රථවල ප්‍රදර්ශනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව ඉල්ලීමක් කරන අතර නව සංශෝධනයට අදාලව ගාස්තු අයනොකරන්නේ නම් 1955 ක්ෂණික දුරකතන අංකයට දැනුම්දෙන ලෙස ද ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ඉල්ලීමක් කළාය.