හොරණ - කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

හොරණ - කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

June 25, 2025   08:37 am

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්ය.

හොරණ -  කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ, මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, හොරණ - කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස අයතා අන්දමින් මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙසත් මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.