පැය 18ක් පුරා අමෙරිකාව සිදුකළ ඉතිහාසගත ප්‍රහාරය

පැය 18ක් පුරා අමෙරිකාව සිදුකළ ඉතිහාසගත ප්‍රහාරය

June 22, 2025   10:16 pm

පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසන්නේ පැය 18ක් පුරා සිදුකළ මෙම ප්‍රහාරය Operation Midnight Hammer ලෙස නම් කල බවය.

එය ඉතිහාසගත වන්නේ බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන B 2 යානා යොදාගත් විශාලතම මෙහෙයුම වන නිසා බව ඔහු පවසයි.

මීට පෙර මෙවැනි ප්‍රබල ප්‍රහාරක යානා යොදාගත්තේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයට පසුව බව ඔහු පවසා ඇත.

මිසූරි හි white man ගුවන් කඳවුරෙන් නිකුත් වූ B2 යානා බලඇණිය සමග සමස්ත යානා 125 ක් මෙහෙයුම ට දායක විය.

ඒ B2 යානාවලට අහසේදී ඉන්ධන පිරවීමේ පහසුකමද ලබාගතයුතු වූ බැවින් ය.

කිලෝ 16,000කට ආසන්න පුපුරන ද්‍රව්‍ය රැගත් GBU බන්කර් බස්ටර් මිසයිල 14ක් ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ද ඉතිහාසයේ පළමු වරටය.

මෙම B 2 යානා ඉරාන ගුවන් කලාපයට ඇතුළු වී ප්‍රහාරය එල්ල කර ආපසු එන තෙක්ම කිසිදු ප්‍රති ප්‍රහාරයක් ද ඉරානයෙන් එල්ල වී නැත.

B 2 යානාවලට රේඩාර් පද්ධතිය මඟහැර යාමට ඇති හැකියාව ඉන් තහවුරු වී තිබේ.

ප්‍රහාරයෙන් ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට වූ හානිය චන්ද්‍රිකා ඡායාරූපවලින් දැක්වෙන අතර කොන්ක්‍රීට් විනාශ වීමෙන් ඇතිවූ සුදු පැහැ දූවිලිවල විසිරීමෙන් ඒ විනාශයේ තරම පෙන්වන බව සඳහන් වේ.