අමෙරිකාවේ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩිව හෙළාදකී
June 22, 2025 05:47 pm
අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් දැඩිව හෙළා දැක තිබේ.
ඔහු පවසන්නේ ජාත්‍යන්තර සාමයට මෙන්ම ආරක්ෂාවටද මෙය තර්ජනයක් බවය.
මේ හරහා ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දී ඇත.
මෙම තත්ත්වයට යුදමය විසඳුමක් නොමැති අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා යොමුවීම එකම විසඳුම බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කර තිබේ.