අමෙරිකාව ඉරානයට එල්ලකළ ප්‍රහාරය චීනය දැක්ක හැටි
June 22, 2025 06:09 pm
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය 'දැඩි ලෙස හෙළාදකින' බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් අද (22) පැවසීය.
එම ප්‍රහාරය මැදපෙරදිග ආතතීන් උත්සන්න කරන බව එහි දැක්වේ.
ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන්, විශේෂයෙන් ඊශ්‍රායලයෙන් හැකි ඉක්මනින් සටන් විරාමයකට යන එහි ඉල්ලා ඇත.
"ජාත්‍යන්තර ආරවුල් විසඳීමට සන්නද්ධ බලය නිවැරදි ක්‍රමය නොවේ " යැයි චීන ජනාධිපති ෂී ජින්පින් පැවසූ බව චීන විදේශ අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.