හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

June 22, 2025   09:06 pm

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරානය ඇතුළු බොහෝ මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම 'හෝමූස්' සමුද්‍ර සන්ධිය හරහාය.

ඒ අනුව ලොව තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින්, මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඇත්තේ ඉරානයේ උත්තරීතර කවුන්සිලයටය.

එම තීරණය ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය අද රාත්‍රිය වනවිට ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වේ.

අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම තීරණය ගෙන ඇත.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීයා පවසා ඇත්තේ ද, මෙම තීරණය අවශ්‍ය විට සිදු කරන බවයි.