ඉරානය නව IRGC ලොක්කා පත් කරයි
June 13, 2025 10:28 am
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර තිබේ.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබූ අතර ඒ හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද (13) අලුයම මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළේය.
එහිදී ඊශ්‍රායලයේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයයි.
එමෙන්ම ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සමබන්ධ විද්‍යාඥයින් රැසක් ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් වී ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නව අණදෙන නිලධාරීයාගේ පත් කිරීම තාවකාලික ආදේශකයක් බවය.