වෛද්‍ය රසායනාගාර වෘත්තිකයිනුත් හෙටින් වර්ජනය අත්හරියි
June 7, 2025 09:59 pm
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය හෙට පෙරවරු 8.00ට අවසන් කිරීමට අද (07) පස්වරුවේ තීරණය කර තිබේ.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් අද පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමූ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් පමණක් අදත් වර්ජනයේ නිරත විය.
ඒ අනුව හෙට උදෑසන 8.00ය සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කර ඇත