පොසොන් උත්සවය වෙනුවෙන් අනුරපුර පාසල් කිහිපයක් වැසෙයි

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරපුර පාසල් කිහිපයක් වැසෙයි

June 7, 2025   04:36 pm

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අනුරාධපුර නගරය අවට පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොසොන් සතිය අදින් ආරම්භ වූ අතර එය ලබන 13 වනදා දක්වා පැවැත්වෙයි.