මාර්ග නීති කඩකළ පුද්ගලයින් 55දෙනෙකුට වැඩවරදී
June 7, 2025 08:25 pm
මඩකලපුව, කාත්තාන්කුඩි ප්රදේශයේ අද (07) සිදුකළ රථ වාහන වැටලීම්වලින් මාර්ග නීති කඩකළ පුද්ගලයින් 55 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
හිස්වැසුම් නොපළඳා යතුරුපැදි ධාවනය කිරීම හේතුවෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා ඇති බව කාත්තාන්කුඩිය පොලීසිය සඳහන් කළේය.
හිස්වැසුම් නොපළඳා යතුරුපැදි ධාවනකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කරන බවට පොලීසිය දැනුම් දී තිබුණ ද එය නොසලකා හැර යතුරුපැදි ධාවනය කළ පැදිකරුවන් හට මෙලෙස නීතිය ක්රියාත්මක කර තිබේ.
මේ අතර කාත්තන්කුඩි ප්රදේශයේදී හිස්වැසුම් නොපැලඳා යතුරුපැදියක් ධාවනය කළ 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.