එළැඹෙන 10 වැනිදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

එළැඹෙන 10 වැනිදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

June 7, 2025   06:27 pm

එළැඹෙන 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි පැය 36 සඳහා වූ කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සඳහන් කර ඇති එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තද සුළංද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.