ට්‍රම්ප් - මස්ක් ගැටුමේ අලුත්ම තත්ත්වය

ට්‍රම්ප් - මස්ක් ගැටුමේ අලුත්ම තත්ත්වය

June 7, 2025   05:31 pm

ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

එරට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමාන්  කිසිදු තැකීමක් නොකරන  බවය.

ඊලෝන් මස්ක් ටෙස්ලා සමඟ හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද මෙහිදී ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව  ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහෙත් එක්සත් ජනපදයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණට කිරීමට කාලය පැමිණ ඇති බවට මස්ක් පසුගිය දිකන ප්‍රකාශ කර තිබුණි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සමීපතම සගයා ලෙස සිටි ඊලොන් මස්ක් අතර මතභේදාත්මක තත්ත්වය මේ වන විට තීව්‍ර වී තිබේ. 

ඊලෝන් මස්ක් පවසා ඇත්තේ, ජනපති ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කළ යුතු බවය.

දෙදෙනා අතර පවතින අර්බුදය හේතුවෙන් ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිල පසුගිය 05 වනදා 14%කින් පහතවැටී තිබුණි. 

ඉන් සමාගමට අහිමි වූ වෙළෙපොළ වටිනාකම ඩොලර් බිලියන 150කට අධිකය.