බිහිසුණු අනතුරකින් යතුරුපැදිකරු මරුට
June 6, 2025 07:51 am
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබේ.
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදී කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක මෙලෙස ගැටී තිබේ.
වෑන් රථය ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී ඇත.
එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ පසුපැදිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලබෙන බවය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු සහ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.