විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කෙරේ
June 3, 2025 04:17 pm
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනපරිදි අනුමත කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.