දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
May 30, 2025 09:57 pm
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9 සිට හෙට (31) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.
එම නිවේදනයට අදාළ වන ප්‍රදේශ පහතින් දැක්වේ.
ගාල්ල දිස්ත්‍රික්කය: - බදදේගම
මහනුවර දිස්ත්‍රික්කය:- ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය: - අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය: - කිරිඇල්ල