සයුරෙන් එතෙර
ජපානයේ දූපතක භූ කම්පනයක්
May 31, 2025 05:20 pm
ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බවය.
භූ කම්පන තත්ත්වය අපි කේන්ද්‍රය හොක්කයිඩෝ හී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සිදුවී ඇත.
කෙසේ නමුත් භූ කම්පන තත්ත්වයෙන් අනතුරු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකර ඇති අතර හානි පිළිබඳවද කිසිවක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.