ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

June 2, 2025   08:06 am

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටී.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.