ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
May 29, 2025 07:09 am
විකිණීමට සුදානම් කර තිබූ ග්‍රෑම් 170 ක් පමණ වූ ගජමුතුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
ලද තොරතුරක් මත ඊයේ (28) පස්වරුවේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ජේමිස් පීරිස් මාවතේදී සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් අවුරුදු 31 හා 27 වයසේ පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.