ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
May 28, 2025 03:22 pm
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම 2025 ජුනි මස 20 දක්වා දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘“ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” මෙවරද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත.
‘“ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2025” වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය මැයි මස 23 වන දිනය බවට පෙර සඳහන් කර තිබුණ ද එම අයදුම්පත් භාර ගැනීම ජුනි මස 20 දින දක්වා දීර්ඝ කර තිබේ.
වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.
තවද, ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සෘජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතු අතර, අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතුය.
මාධ්‍යවේදීන් ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05 ක් ඉක්මගිය පසුව දෙවන අවස්ථාව සඳහා අයදුම්කළ හැකිය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (200,000) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවනු ලැබේ.
ශිෂ්‍යත්ව සඳහා හිමිකම් ලැබූ මාධ්‍යවේදීන් ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේ දී පළමුවැනි වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවන වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදුකරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලැබේ.
මේ සඳහා යොමුකරන සියලුම අයදුම්පත් 2025.06.20 දින හෝ එදිනට පෙර
අධ්‍යක්ෂ (මාධ්‍ය) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය,
අංක 163, "ඇසිදිසි මැඳුර", කිරුළපන මාවත,
පොල්කේන්ගොඩ,
කොළඹ 05
දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ http://www.media.gov.lk අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළකර ඇති QR කේතය ස්කෑන් කර මාර්ගගත ක්‍රමය ඔස්සේ ද එවිය හැක.
“ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2025” පිළිබඳ වැඩි විස්තර 0112513645 / 0112514632 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් http://www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.