නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක්
May 22, 2025 08:22 am
තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 22, 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දියන් ජාතික සැකකරු වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.