දුම්රියක් පීලි පනී
May 22, 2025 09:32 pm
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයවූ දුම්රියක් දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබේ.
මේ හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
දුම්රිය පීලි පැනීමත් සමගම ඒ ආසන්නයේ තිබූ සංඥා පද්ධතියේ කොටසකටද හානි සිදුවී ඇත.
මෙලෙස පීලි පැනීමට ලක්වී ඇත්තේ හෙට (23) උදෑසන දකුණු කළුතර සිට මරදාන බලා පිටත්වීමට නියමිත දුම්රිය වෙයි.