පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි - සජීව විකාශය
May 20, 2025 09:30 am
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අද දිනයේ පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සදහන්.
අනතුරුව නිෂ්පාදන බදු විශේෂ විධිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතය.
අද ප.ව. 5.00 සිට ප.ව. 5.30 කාලය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
හෙට දිනයේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීමට නියමිතව ඇත.
එමෙන්ම අනිද්දා දිනයේ දී ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මත දහයක් විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
මැයි 23 වන සිකුරාදා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පවැත්වීමට නියමිත බව සදහන් වේ.
එමෙන්ම පසුගියදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විදේශීය ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළහොත් එය ද දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසීය.
පාර්ලිමේන්තු සජීව විකාශය ඉහතින්,