මධ්‍යම කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් - රථවාහන ධාවනයට බාධා

මධ්‍යම කඳුකරයට දැඩි මීදුම් තත්ත්වයක් - රථවාහන ධාවනයට බාධා

May 20, 2025   02:33 pm

නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි අප වාර්තාකරු පවසයි.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළියේ සිට හග්ගල දක්වාත්, නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් මෙම ඝණ මීදුම් තත්ත්වයක් පවතී.

වරින්වර මතුවන ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑළිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.