ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට
May 19, 2025 08:35 pm
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතූවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පිරිස් මහා පරිමානයෙන් ලුණු මිලදී ගැනීමට පියවර ගැනීම හේතුවෙන් පාලනයකින් යුතුව වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට කටයුතු කරන බවය.