header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තීරු බදු එකඟතාවයක
May 09, 202509:50 PM
අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය තීරු බදු එකඟතාවයක
Mobitel 1278

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.

එහිදී එම රටවල් මුහුණදෙන අභියෝග විවිධාකාරයි.

කෙසේවුවත් තමන්ගේ සමීපතම මිතුරු රටවලට මෙම තීරුබදු සාකච්ඡාවලදී ප්‍රමුඛත්වයක් ලබාදෙන්න අමෙරිකාව කටයුතු කරයි.

එහෙත් එවැනි ප්‍රධාන පෙළේ එකඟතාවක් ඊයේ වනතුරු වාර්තා වුණේ නැහැ.

ඒ අතරතුරයි තමන් එවැනි මහා පරිමාණ එකඟතාවක් ප්‍රකාශයට පත්කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

එහෙත් ඒ අවස්ථාවේ ඒ විදියට එකඟතාවට එළඹෙන රට ඔහු හෙළිදරව් කළේ නැහැ.

එම කුතුහලය අවසන් කරමින් ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතිකරගත් එම නව වෙළෙඳ ගිවිසුම ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අමෙරිකාවට ආනයනය කරන බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා අයකරන තීරුබද්ද 10%කට සීමා වනවා.

බ්‍රිතාන්‍යයට ආනයනය කෙරෙන අමෙරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු 5.1%ක සිට 1.8% දක්වා අඩු කරන්නේ බ්‍රිතාන්‍යය මෙහිදී එකඟ වෙලා තියෙනවා.

මෙහිදී රටවල් දෙකේම කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදෙන්න එකඟතාවක් ඇතිවී තිබෙනවා.

විශේෂම කාරණයක් තමයි අමෙරිකාව ආනයනය කරන බ්‍රිතාන්‍ය මෝටර් රථ සඳහා අඩු තීරුබද්දක් අයකිරීමට අමෙරිකාව එකඟ වීම.

අමෙරිකාව හා බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමෙන් ඩොලර් ට්‍රිලියන 1.2ක වැඩි වෙළෙඳ වාසියක් පවතින්නේ බ්‍රිතාන්‍යයට.

කෙසේ නමුත් නව වෙළෙඳ එකඟතාව දෙරට අතර වෙළෙඳාම තවදුරටත් පුළුල් කරන ඓතිහාසික එකඟතාවක් ලෙසයි ජනපති ට්‍රම්ප් හැඳින්වූවේ.

අමෙරිකාව මීළඟට එකඟතාවකට එළඹෙන්න උත්සාහ කරන්නේ වෙළෙඳ යුද්ධයේ තමන්ගේ ප්‍රතිවාදියා වන චීනය සමග.

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර හෙට ආරම්භවන මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා චීනයේ ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගීවීමට නියමිතය.

අමෙරිකානු - චීන වෙළෙඳ සාකච්ඡාවල විශේෂ කාරණයක් තමයි එම සාකච්ඡා සඳහා පළමු ආරාධනය ලැබුණේ අනෙක් පාර්ශ්වයෙන් බව අමෙරිකාව සහ චීනය සහ රටවල් දෙකම ප්‍රකාශ කිරීම.

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයටද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana