අද දෙරණ විශේෂ මැතිවරණ විකාශය ඇරඹෙයි
May 6, 2025 08:00 am
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව 'SRI LANKA DECIDES'විශේෂ මැතිවරණ සජීවී විකාශය මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීමේ සියලු තොරතුරු අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වා, එසැණින් ගෙනඒමට දෙරණ මාධ්‍ය ජාලය මේ වන විට සියල්ල සූදානම් කර ඇත.
මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමඟින් ඔබ වෙත ගෙන ඒමට නියමිතව ඇත්තේ 'SRI LANKA DECIDES' විශේෂ මැතිවරණ විකාශය ඔස්සේය.
ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී FM දෙරණ, WWW.ADADERANA.LK වෙබ් අඩවිය , අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම මැතිවරණයේ සියලු යාවත්කාලීන තොරතුරු ගෙන ඒමට නියමිත අතරම අද දෙරණ FACEBOOK, YOUTUBE, TIKTOK සහ X අවකාශය ඔස්සේද මැතිවරණයේ නිල ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණි.
පළාත් පාලන ආයතන 341න් 339ක් වෙනුවෙන් පමණක් මෙවර ඡන්ද විමසීම පැවැත් වේ.
අද දිනයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව 17,156,338 කි.
දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 75,589ක් මෙවර මැතිවරණයට තරග වදී.
මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී 60%ක් කොට්ඨාස ක්‍රමයෙන්ද 40%ක් සමානුපාතික ක්‍රමයෙන්ද වශයෙන් සභිකයින් තෝරා ගැනේ.
ඡන්ද විමසීම දිවයිනේ මධ්‍යස්ථාන 13,759කදී ක්‍රියාත්මකය.
මෙවර මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000ක් යොදවා ඇතැයි පොලීසිය පැවසීය.