අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට - තවත් අයෙකුට තුවාල
April 26, 2025 07:57 am
කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් තිබේ.
අරලගංවිල පොලිස් වසමේ කැකුලුවෙල ප්‍රදේශයේ කුඹුරක ඊයේ (25) සවස් කාලයේ රැඳී සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අකුණු සැර වැදුණු පුද්ගලයා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පැවසෙයි.
මරණකරු වයස අවුරුදු 63ක් වන කැකුලුවෙල, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනෙක් පුද්ගලයාද තුවාල ලබා ප්‍රථිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණයවී ඇති බවද පොලීසිය පවසයි.
මෘතශරීරය පොළොන්නරුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පට්ටිපොල පොලිස් වසමේ අඹේවෙල ප්‍රදේශයේදී ඊයේ (25) මෙම අනතුරු සිදුවී ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පට්ටිපොල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.