දැරණියගල නායයෑමක් - වාහන ධාවනයටත් බාධා
April 8, 2025 01:45 pm
දැරණියගල පොලිස් බලප්‍රදේශයේ 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
දැරණියගල සිට මාලිබොඩ තලාව ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය මීටර් 50ක පමණ හානි වී ඇතැයි ද වාර්තා වේ.
අප වාර්තාකරු පැවසුවේ කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවය.
නායයෑමෙන් අසල තිබූ නිවසකට හානි සිදුව ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙක් සුළු තුවාල ලබා මේ වනවිට දැරණියගල රෝහලට ඇතුළත් කර ඇත.