අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

April 16, 2025   09:05 pm

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වී ඇත.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි.

මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී ඉතා පහළ මට්ටමක පැවතිණි. 

ඒ අනුව අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 792ක් ලෙසිනි.

එහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක් හා දේශීය විකිණුම් රු. මිලියන 730ක් ලෙසින් සටහන්ව තිබුණි.

විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 11ක තරම් ඉත පහළ අගයයක් විය. 

විදේශීය විකිණුම් අද දින රු. මිලියන 61ක් ලෙසින් වාර්තා වී ඇත.