ඊශ්‍රායලයේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි

April 18, 2025   05:25 pm

ඊශ්‍රායලය විසින් ගෙන ආ සටන් විරාම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සංවිධානය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමක් සඳහා වහාම සාකච්ඡා කිරීමට සිය සංවිධානය සූදානම් බවය.

හමාස් සංවිධානයේ ප්‍රධාන සාච්ඡාකරු වූ කලීල් අල් - හයියා වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රයට සේවය කරන අර්ධ ගනුදෙනු සිය සංවිධානය පිළි නොගන්නා බවය.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුළත් විය.

නමුත් එම යෝජනාව හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එම සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් සිරගත කර ඇති එකඟ වූ පලස්තීන ජාතිකයින් සමග සියලුම ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමට සහ යුද්ධය අවසන් කිරීමට වහාම ගිවිසුමක් සාකච්ඡා කිරීමට සිය කණ්ඩායම සූදානම් බවය.