ජපානයට 2026 පාපන්දු ලෝක කුසලාන වරම්
March 22, 2025 05:44 pm
2026 වසරේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට පළමුවෙන්ම සුදුසුකම් ලැබූ රට බවට ජපානය පත්විය.
එළැඹෙන පාපන්දු ලෝක කුසලානයට ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (21) පැවති බහරේනයට එරෙහි තරගය ජයගැනීමත් සමග ජපානයට මෙම අවස්ථාව උදාවිය.
ජපානයේ සයිටාමා ක්රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක පහසු ජයක් ජපානයට හිමිවිය.
ජපානය මෙලෙස පාපන්දු ලෝක කුසලානයට අඛණ්ඩව සුසුදුසුකම් ලැබූ 8වන අවස්ථාව මෙයයි.
ඔවුන් 1998 වසරේ සිට 2002, 2006, 2010, 2014, 2018 හා 2022 දක්වා පැවැත් වූ සෑම පාපන්දු ලෝක කුසලානයක්ම නියෝජනය කර තිබේ.
එළැඹෙන පාපන්දු ලෝක කුසලානය 2026 වසරේ දී ජුනි හා ජූලි මාසවල අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල් ත්රිත්වයේම සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා රටවල් 48කට ලෝක කුසලාන වරම් හිමිවන අතර, ඉන් සත්කාරක රටවල් ත්රිත්වය දැනටමත් සුදුසුකම් ලබා සිටියි.