නීති විරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

March 23, 2025   10:56 am

නීති විරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඊයේ (22) දින රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එමිචී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ගෙන ආ දුම්වැට 10,000ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම අද (23) අළුයම් කාලයේදී ද කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් නීති විරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම ඇය සතුව තිබී ගෙන එන ලද දුම්වැටි 23,600ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.