සයුරෙන් එතෙර
අමෙරිකානු උප ජනාධිපති ඉන්දියාවේ සංචාරයකට සැරසේ
March 25, 2025 09:31 am
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
මාර්තු අවසන් සතිය තුළ අමෙරිකානු උප ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකානු උප ජනාධිපතිවරයාට අමතරව එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් දද ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඇතිවූ එකඟතා මත මෙම සංචාරයන් සිදුවනු ඇත.
ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම එම සංචාරවල අරමුණ වී තිබේ.