header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වෛද්‍යවරියගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් ඔස්සේ විමර්ශන
Mar 12, 202508:53 PM
වෛද්‍යවරියගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් ඔස්සේ විමර්ශන
Mobitel 1278

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධයට සම්බන්ධ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද (12) පොලීසියට නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීරට සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්නට එම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණය මෙම නියෝග නිකුත් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද මහත 'බී' වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක් සිය රාජකාරිය නිමවා නිල නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී පිහියක් පෙන්වා ඇය නිල නිවස තුළදීම මෙම දූෂණය සිදුකර තිබුණි.

වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව සැකකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් පොලීසියට ලබාදෙන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට තවදුරටත් නියෝග කර තිබේ.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවස තුළදී පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය මගින් මූලිකව දැනුම්දීමක් කළ බවය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන අරඹා දූෂණයට ලක් වීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටි වෛද්‍යවරියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මෙකී ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කරගෙන මෙම අපරාධය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කළ බවද කීවේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ සහ තවත් අංශ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්ශන සිදු කෙරෙන බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක දයානන්ද මහතා වෛද්‍යවරිය බරපතළ දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් නොපමාව පොලිසියට ලබාදෙන ලෙස දුරකථන සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කරන්නයිද ඉල්ලා සිටියේය.

අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට තවදුරටත් දැන්වීය.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන යුද හමුදාවෙන් පළා ආ සෙබලෙකු බව කියන සැකකරු ඊයේ (11) ගල්නෑව පොලිසිය මගින් ගල්නෑව හෙළබදුගමදී අත්අඩංගුවට ගත්තේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ පස්වරුවේ අධිකරණයට කරුණු වාර්තා කරන තෙක්ම සැකකරු ගල්නෑව පොලිසිය මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරදී නොතිබුණි.

කෙසේවෙතත් සැකකරුගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ගල්නෑව පොලිසිය තුළදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලීසියට භාරදීමට නියමිතව තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්