මර්වින් සිල්වා ඇතුළු තිදෙනා රිමාන්ඩ්
March 6, 2025 05:36 pm
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.