අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
February 28, 2025 06:51 am
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය.
කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ විය. එය ලබන 21 දක්වා පැවැත්වේ.
මේ අතර ඊයේ (27) පැවැති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පසුගිය රජයන් විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා 14කට රුපියල් කෝටි 53කට අධික මුදලක් වැයකර ඇති බවය.
එහෙත් මෙම කොමිෂන් සභා 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස්වල දේපොළ හානිවීම් පිළිබඳ සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැකබලා ගැනීමට පමණක් රුපියල් කෝටි 11කට වැඩි මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් 6දෙනාට රුපියල් කෝටි 37කට අධික මුදලක් වැයකර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේය.