කොළඹ උද්ධමනයේ පහළ යාමක්

කොළඹ උද්ධමනයේ පහළ යාමක්

February 28, 2025   03:32 pm

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබේ.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2025 පෙබරවාරි මාසය සඳහා -4.2% ක් දක්වා අඩු වී ඇති බවය. එය 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025  පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.2% දක්වා  වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ දී එය වාර්තා වූයේ -2.6% ක්  ලෙසය.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -6.1%  ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7%  ක් ලෙස වාර්තා  වේ.