නිල්වලා ගඟේ මිනිස් කකුළක් පාවෙයි

නිල්වලා ගඟේ මිනිස් කකුළක් පාවෙයි

February 28, 2025   04:29 pm

අකුරැස්ස, මාරඹ ගාල්පල වැල්පාලම ආසන්න බක්මීගහ ගාව තොටුපල අසල මිනිසෙකුගේ පාදයක් නිල්වලා ගංගාවේ පාවෙමින් තිබියදී අද (28) දහවල් හමු වී ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
         
මේ අතර වැලිහේන ප්‍රදේශයේ අවුරුදු 76ක පුද්ගලයෙකු දින තුනක් තිස්සේ අතුරුදන් බවට අද දහවල් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

අකුරැස්ස හදිසි මරණ පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අකුරැස්ස පොලීසිය මිනිස් වම් පාදය ගොඩගෙන පරීක්ෂණ සඳහා මාතර මහ රෝහලට යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙය යම් ඝාතනයක්ද නැතිනම් කිඹුලෙක්ගේ ග්‍රහණයට අසුව ඉතිරි වූ පාදය කොටසක් ගංගාවේ පාවී ආවේ දැයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් මීට දින තුනකට පෙර අතුරුදන් වූ තම සොහොයුරාගේ පාදය බවට මරණකරුගේ සොහොයුරා හඳුනාගෙන ඇති බවත් පොලීසිය පැවසූ බවත් අනාවරණය වුණි.