KKS තැපැල් දුම්රිය අද සිට මොරටුවෙන්

KKS තැපැල් දුම්රිය අද සිට මොරටුවෙන්

February 14, 2025   05:13 pm

කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම දුම්රිය මෙතෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06.55ට ගමන් ආරම්භ කර කොටුවට පැමිණේ.

පසුව කොටුවෙන් රාත්‍රී 8ට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.