මුහුදු මාර්ගයෙන් එන මත්කුඩු ජාවාරම් ගැන හෙළි වූ දේ

මුහුදු මාර්ගයෙන් එන මත්කුඩු ජාවාරම් ගැන හෙළි වූ දේ

February 14, 2025   09:54 pm

මත්කුඩු ජාවාරම්කරුවන් මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයන්ට පහරදී, බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා පොළඹවගන්නා බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

එලෙස ජාවාරම්වලට හසුව ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගැනුණු ධීවරයන්ගේ මව්පියන් පවසන්නේ තම දරුවන්ට ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ලවන බවය.

මුහුදේ මත්කුඩු ජාවාරම් පිළිබඳ අද දෙරණ උකුස්සා මේ පිළිබඳව අනාවරණය කළේය. 

මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධානම මාර්ගය වන මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන අයුරු අද දෙරණ අප ඊයේ (13) අනාවරණ කළේය.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගැනෙන ධීවරයන්ගේ පවුල් මේවන විට අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබේ.

අත්අඩංගුවට ගැනුණු ඇතැම් ධීවරයන් බෝට්ටු හිමිකරුවන් විසින් බලහත්කාරයෙන් ඊට පොළඹවා ගැනුණු බවයි ඔවුන්ගේ මව්පියන් චෝදනා කරනුයේ.

පොලිසිය පවසන්නේ බිය ගැන්වීම තුළින් ජාවාරම සඳහා බලහත්කාරයෙන් ධීවරයන් පොළඹවා ගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ දරන්නේ නම් ධීවරයන්ට එහිදී නීතියෙන් රැකවරණය ඇති බවය.

මෙම ජාවාරම් මැඬලීමට 2024 වසරේදී දියත් කළ මෙහෙයුම්වලින් රුපියල් මිලියන විසි දෙදහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

මේ අතර නාවික හමුදාව පැවසුවේ දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මක බවය.