මතභේදාත්මක USAID ගැන නාමල් සහ ජුලි චන්ග් අතර සාකච්ඡා
February 14, 2025 11:54 am
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ.
උදෑසන 10ට පමණ ජුලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන්ය.
එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්ද සිදුව තිබේ.
මේ දිනවල මතභේදාත්ම මාතෘකාවක් බවට පත්ව ඇති USAID අරමුදල් සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් ය.
එමෙන්ම දේශපාලනය ඇතුළු තවත් කරුණු කිහිපයක්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
ජුලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව ඇය මෙලෙස අද දිනයේ පැමිණ තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව එදිරිමාන්න, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහත්වරුන් මුණගැසී සාකච්ඡාකර තිබේ.