නොරොච්චෝලේ බලාගාරය දින 4කින් යථා තත්ත්වයට
February 10, 2025 08:18 pm
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ එ අනුව පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට මෙය එක් කිරීමට අපෙක්ෂා කරන බවය.