අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 10 දෙනෙක් අත්අඩංගුවට

අනාරක්ෂිත ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 10 දෙනෙක් අත්අඩංගුවට

February 3, 2025   05:34 pm

දෙහිවල ප්‍රදේශයේදී අනාරක්ෂිත ලෙස අපරික්ෂාකාරීව යතුරුපැදි ධාවනයකළ තරුණයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි 10ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ (02) අලුයම එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ, දෙහිවල පොලීසිය රථවාහන අංශය නිලධාරීන් විසින්ය.

මෙම සැකකරුවන් දෙහිවල දුම්රියපොළ අසල සිට වැල්ලවත්ත දෙසට අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් භාරයට ගත් යතුරුපැදිවල ඇතැම් උපාංග වෙනස් කර නවීකරණය කර  ඇති බවද පොලීසිය පැවසීය. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු  17 - 22 ත් අතර වයසේ පසුවන මොරටුව, රාජගිරිය, පිළියන්දල, අංගොඩ, දෙහිවල, රත්මලාන සහ කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලීසිය පැවසීය.