ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල්යයි
January 27, 2025 03:48 pm
අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් තබා තිබේ.
ඒ අනුව, මේ මස 29 වන දක්වා එම ඇප ඉල්ලීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෙම ඇප ඉල්ලීම වග උත්තරකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලෙස තීන්දු කළ විනිසුරු මඩුල්ල අනතුරුව එම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.