ජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

January 13, 2025   09:55 am

ප්‍රදේශ දෙකක සිදුවු බිහිසුණු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (12) සවස කාලයේ වෙල්ලාවලි පොලිස් වසමේ අම්බලන්තුරෙයි චවලකඩේ මාර්ගයේ පිලාලිවෙම්බු හන්දිය අසලදී වෙල්ලාවලි දෙස සිට ගාන්ධිපුරම් දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු ‍43ක් වූ සංකර්පුරම්, මණ්ඩුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුවංචිකුඩි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

අනතුරින් පසු ට්‍රැක්ටර් රථයේ රියදුරු පළාගොස් සිට ඇති අතර ට්‍රැක්ටර් රථය පොලිස් භාරයට ගැනීමෙන් පසුව පළාගොස් සිටි ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ පින්නවල පොලිස් වසමේ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ අමුපිටිය ප්‍රදේශයේදී පාදුක්ක දෙස සිට සීලගම දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කනුවක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා අවුරුදු 49ක් වූ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.