header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වැව් බැම්මේ අවදානම හේතුවෙන් අලුත්දිවුල්වැව පවුල් 30ක් ඉවත් කෙරේ
Jan 10, 202506:06 PM
වැව් බැම්මේ අවදානම හේතුවෙන් අලුත්දිවුල්වැව පවුල් 30ක් ඉවත් කෙරේ
Mobitel 1278

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව තිබේ.

වැලි කොට්ට යොදා ජල කාන්දුව පාලනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව සහ ගම්වාසීන් උත්සාහ කළද තත්ත්වය පාලනය කිරීමට තවමත් හැකිව නොමැත.

අවදානම් තත්ත්වයේ සිටින පවුල් රැසක්ම ගම්මානයෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ මෙම ජල කාන්දුව ඇතිව තිබුණි.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.කේ. ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7200ක් වුවත් පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග වාරිමාර්ග ඔස්සේ ජලාශයට වැඩි ජල ප්‍රමාණයක් එක් රැස්ව ඇති බවයි.

කලක සිට පැවති කුඩා ජල කාන්දුවක් මෙලෙස වර්ධනය වී පස් බැම්ම කඩාවැටී ඇති බවට ගම්වාසීන් පවසයි.

ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක පමණ ගැඹුරින් යුතු අතර මේ හේතුවෙන් එම ස්ථානයේ ජල පීඩනයද ඉහළ මට්ටමක පවති.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහා විදුහල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම දුටුවැව සිට යකල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද සීමා කර ඇත්තේ වැව කැඩීයාමේ අවදානම හේතුවෙනි.

පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යුද හමුදාව, පොලිසිය හා ගම්වාසීන්ගේද සහාය ඇතිව ජල කාන්දුව වසාදැමීමට අද දහවල් සිට දැඩි උත්සාහයක නිරත විය.

ජලාශයේ පිට වානට යොදා ඇති කොන්ක්‍රීට් බැම්ම බිද දමා වැඩි ජලය පිටකිරීමට කටයුතු කර තිබේ.

වැලි කොට්ට යොදමින් පස් බැම්මේ බිඳීගිය ස්ථානය වසා දැමීමට පියවර ගත්තද එය සාර්ථක වී නොමැත.

අඛණ්ඩව ජලය කාන්දුවීමෙන් වැව් බැම්ම මේ වනවිට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යම් හෙයකින් වැව් බැම්ම බිඳීගියහොත් ගම්මාන රැසකටම බලපෑම් එල්ල විය හැකි බවය.

මේ වන විට ගම්මානයේ පවුල් තිහක් සිය නිවාස වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

දුම්රිය වර්ජනයෙන් කොටුව පාළුවෙයි "මිනිස්සුන්ට හරි කරදරේ...මෙයාලා එළවලා දාන්න ඕනේ"

 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්